ගැටඹේ දියකපනාතොට සහ ලේවැල්ල පාලම්තුල අවහිරතා ඉවත් කිරීම‍ට නාවික හමුදා කිමිදුම් සහය

අධික වර්ශාපතනය හේතුවෙන් මහවැළි ගඟේ ජල මට්ටම ඉහල යෑමෙන්, ජලයේ ගසාගෙන පැමිණි විශාල දැව කඳන් සහ උනපඳුරු ඇතුළු අවශේෂ, පේරාදෙණිය ගැටඹේ දියකපනාතොට සහ ලේවැල්ල පාලම් තුල සිරවී, එම පාලම් ඔස්සේ ජලය ක්‍රමවත්ව බැස යාමට ඇතිවු අවහිරතා ඉවත් කිරීම වෙනුවෙන් නාවික හමුදා කිමිදුම් සහය හා ශිල්පීය දායකත්වය ලබාදීම 2025 දෙසැම්බර් මස 19 දින සිදුකෙරිණි.

ඒ අනුව, මාර්ග සංවර්ධන අධිකාරියේද සහයොගය ඇතිව සිදුකල මෙම කිමිදුම් සහය ලබා දීමේ මෙහෙයුම් මඟින්, ගැටඹේ දියකපනාතොට සහ ලේවැල්ල පාලම් තුල ජලය ක්‍රමවත්ව බැසයාම අවහිර වන පරිදි සිරවී තිබූ දැවකඳන් සහ උන පඳුර ඇතුළු අවශේෂ ඉවත් කිරීමට කටයුතු කෙරිණි.

තවද, අයහපත් කාලගුණික තත්වය හමුවේ දිවයිනේ පීඩාවට පත් ජන ජීවිතය යතාවත් කිරීම වෙනුවෙන් පොදු ස්ථාන, නිවාස සහ පානීය ජල ළිං පවිත්‍ර කිරීම වෙනුවෙන් නාවික හමුදාව ආරම්භ කල විශේෂ වැඩ පිළිවෙල යටතේ, මේ වන විට (2025 දෙසැම්බර් 20) පානීය ජල ළිං 1111ක්, පොදු ස්ථාන 108ක් සහ නිවාස 83ක් නාවික හමුදා දායකත්වයෙන් පවිත්‍ර කර භාරදීමට කටයුතු කර ඇති අතර, ඒ සඳහා නාවික හමුදාව අඛණ්ඩව දායකත්වය ලබාදෙනු ලබයි.