‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානියට පත් පාසල් හා පෙර පාසල් නැවත පිළිසකර කිරීමේ ‘නැණ දිරි මෙහෙයුම’ සඳහා නාවික හමුදාව දායක වෙයි
‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් හානියට පත් බදුල්ල දිස්ත්‍රික්කයේ පාසල් හා පෙර පාසල් නැවත පිළිසකර කිරීම වෙනුවෙන්, ඌව පලාත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2025 දෙසැම්බර් මස 20 සිට 27 දක්වා සතියක කාලයක් තුල ක්‍රියාවට නංවා ඇති, ‘නැණ දිරි මෙහෙයුම’ සඳහා දායකවන ශ්‍රී ලංකා නාවික හමුදාව, බදුල්ල සහ මහියංගන අධ්‍යපන කලාපයේ හානියට පත් පාසල් පිලිසකර කිරීමේ කටයුතු මේ වන විට සිදුකරමින් පවතී.
ඒ අනුව, ආරක්‍ෂක අමාත්‍යාංශයේ උපදෙස් මත ‘නැණ දිරි මෙහෙයුම’ සඳහා තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වය ලබාදීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරුණු අතර, ඒ යටතේ; මහියංගනය සිද්ධාර්ථ කණිෂ්ඨ විද්‍යාලය, ගැමුණුපුර මහා විද්‍යාලය, බඩත්තෑව මහා විද්‍යාලය සහ පඟරගම්මන අල් අමීන් පෙර පාසල යන පාසල් සහ පෙර පාසල් පිලිසකර කිරීමේ කටයුතු නාවික හමුදා ශිල්පීය දායකත්වයෙන් සිදුකරමින් පවතී.
එමෙන්ම, “ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවිමේ ජනාධිපති කාර්යය සාධක බලකායේ ප්‍රධාන හවුල් කරුවෙකු වශයෙන් කටයුතු කරනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාව, “සතුට සපිරි පාසලක්” වෙනුවෙන් දිවයිනේ පාසල් පරිශ්‍ර තුල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා නිරන්තර දායකත්වය දක්වයි.
තවද, ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට පත් ජන ජීවිතය යතාවත් කිරීම වෙනුවෙන් නාවික හමුදාව ක්‍රියාවට නංවා ඇති විශේෂ වැඩපිළිවෙල යටතේ, මේ වන විට (2025 දෙසැම්බර් 23) දිවයින පුරා පාණීය ජල ළිං 1111ක්, නිවාස 84ක් සහ පොදු ස්ථාන 108ක් නාවික හමුදා දායකත්වයෙන් පවිත්‍රකර ජනතාවගේ පරිහරණය සඳහා භාරදී ඇති අතර, ඒ සඳහා නාවික හමුදාව අඛණ්ඩව දායක වෙයි.










































