ගංවතුරෙන් ආපදාවට පත් ජනතාව වෙනුවෙන් මානුෂීය ආධාර සහ ආපදා සහන මෙහෙයුම් ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සැපයීමට නාවික හමුදාවේ අඛණ්ඩ සහය
ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට මානුෂීය ආධාර හා ආපදා සහන සැලසීම වෙනුවෙන් දිවයිනම ආවරණය වන පරිදි විශේෂ වැඩ පිළිවෙලක් නාවික හමුදාව විසින් ක්‍රියාවට නංවා ඇත. ඒ යටතේ පුත්තලම, කුරුණෑගල සහ මන්නාරම දිස්ත්‍රික්ක තුළ ගංවතුරෙන් ආපදාවට පත් ජනතාව වෙත ආහාර ද්‍රව්‍ය, පාසල් උපකරණ ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීම සඳහා 2025 දෙසැම්බර් මස 19 වැනි දින නාවික හමුදාවේ සහය ලබාදීම සිදුකෙරිණි.
ඒ අනුව, Ganlo Travels (Pvt) Ltd ආයතනය වෙතින් ලබා දුන් පාසල් උපකරණ සහ පාසල් බෑග් පුත්තලම දිස්ත්‍රික්කයේ ආරච්චිකට්ටුව, එළුවන්කුලම, නීලබැම්ම සහ කල්පිටිය ප්‍රදේශයන්හීත්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව ප්‍රදේශයේත්, මන්නාරම දිස්ත්‍රික්කයේ පුක්කුළම්, සිලාවතුර සහ මොල්ලිකුලම් ප්‍රදේශයන්හිත් ගංවතුරෙන් ආපදාවට පත් පාසල් ළමුන් වෙත බෙදා දීම සඳහා නාවික හමුදාවේ සහය ලබා දීමට කටයුතු කෙරිණි.
එමෙන්ම, වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම්ගේ ඉල්ලීමකට අනුව, ගංවතුරෙන් ආපදාවට පත් ජනතාව වෙත බෙදා හැරීම සඳහා පුත්තලම දිස්ත්‍රික්කයේ ගඟේවාඩිය ප්‍රදේශයේ සිට පූක්කුලම් සහ පළුගහතුරෛ ප්‍රදේශ වෙත අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහාද නාවික හමුදාව දායක විය.
තවද, නාවික හමුදාව විසින් ක්‍රියාවට නංවා ඇති, මානුෂීය ආධාර හා ආපදා සහන මෙහෙයුම් වෙනුවෙන්, පාසල් උපකරණ, සනීපාරක්‍ෂක ද්‍රව්‍ය සහ වියලි ආහාර ද්‍රව්‍ය ඇතුලත් මානුෂීය ආධාර තොගයක් බටහිර නාවික විධානය වෙත ලබා දීම, 2025 දෙසැම්බර් මස 19 වැනි දින රාජගිරිය පෞද්ගලික විශ්ව විද්‍යලයාලයක (Edith Cowan University - ECU) සිසු සිසුවියන් පිරිසක් විසින් සිදු කෙරණි.












