‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානියට පත් බදුල්ල දිස්ත්‍රික්කයේ පාසල් හා පෙර පාසල් නැවත පිළිසකර කිරීම සඳහා නාවික හමුදාව දායක වෙයි
‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් හානියට පත් බදුල්ල දිස්ත්‍රික්කයේ පාසල් හා පෙර පාසල් නැවත පිළිසකර කිරීම වෙනුවෙන් දායකවන ශ්‍රී ලංකා නාවික හමුදාව, බදුල්ල සහ පස්සර අධ්‍යාපන කලාපයේ හානියට පත් පාසල් පිලිසකර කිරීමේ කටයුතු මේ වන විට සිදුකරමින් පවතී.
ඒ අනුව, බදුල්ල අධ්‍යාපන කලාපයේ පාසල් හා පෙර පාසල් පිළිසකර කිරීම සඳහා තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වය ලබාදීම යටතේ; බදුල්ල බිලේගම මහා විද්‍යාලය, මවුස්සගොල්ල මහා විද්‍යාලය, උඩුගම වෙල්ලගොල්ල මහා විද්‍යාලය, අල් අබිම් විදුහල, ශ්‍රී ගනේෂන් දෙමළ පාසල, විග්නේෂ්වරම් දෙමළ පාසල සහ මිහිදු පෙර පාසල යන පාසල් සහ පෙර පාසල් පිලිසකර කිරීමේ කටයුතු නාවික හමුදා ශිල්පීය දායකත්වයෙන් සිදුකරමින් පවතී.
තවද, “ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමේ ජනාධිපති කාර්යය සාධක බලකායේ ප්‍රධාන හවුල් කරුවෙකු වශයෙන් කටයුතු කරනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාව, “සතුට සපිරි පාසලක්” යන තේමාව යතාර්ථයක් කරගැනීම වෙනුවෙන්, දිවයිනේ පාසල් පරිශ්‍ර තුල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා නිරන්තර දායකත්වය දක්වයි.






















