දකුණු නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් දම්මික විජේවර්ධන වැඩ භාර ගනියි
දකුණු නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් පත් කෙරුණු රියර් අද්මිරාල් දම්මික විජේවර්ධන 2025 දෙසැම්බර් මස 29 වැනි දින දකුණු නාවික විධාන මූලස්ථානයේදී, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීම සිදු කෙරිණි.
ඒ අනුව, නාවික හමුදා සම්ප්රදායානුකූලව දකුණු නාවික විධානය වෙත රියර් අද්මිරාල් දම්මික විජේවර්ධන පිළිගැනීමෙන් අනතුරුව, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය විසින් විධාන මූලස්ථානයේදී ආඥාපති ධූරයෙහි රාජකාරීන් නව ආඥාපති වෙත භාර දීම සිදු කෙරිණි.










