නාවික හමුදාව බදුල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්ක තුළ ප්‍රති ආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන 04ක් ස්ථාපිත කරයි
නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන්, ජනාධිපති ලේකම් කාර්යාලයේ මූල්‍ය දායකත්වයෙන් සහ නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් බදුල්ල දිස්ත්‍රීක්කයේ මහියංගනය ප්‍රදේශිය ලේකම් කොට්ඨාසය සහ කුරුණෑගල දිස්ත්‍රීක්කයේ අඹන්පොල, ගල්ගමුව හා බිංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුල ස්ථාපනය කල ප්‍රථිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන හතරක් (04) 2025 දෙසැම්බර් මස 29 සහ 30 දින ජනතා අයිතියට පත් කෙරිණි.
ඒ අනුව, කුරුණෑගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ශ්‍රීමත් හෙන්රි ඕල්කට් ආදර්ශ කණිෂ්ඨ විද්‍යාලය, ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුරුන්දන්කුලම ග්‍රාමය සහ බිංගිරිය ප්‍රාදේශීය කොට්ඨාශයේ මානෙලෙම්ඹුව ශ්‍රී සාරානන්ද ආදර්ශ මහා විද්‍යාල පරිශ්‍ර තුල ස්ථාපනය කෙරුණු ප්‍රථිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන තුනක් (03) සහ බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තෙල්දෙණියාය ප්‍රාථමික විද්‍යාල පරිශ්‍රයේ ස්ථාපිත කෙරුණු ප්‍රථිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානයක් (01) මෙලෙස ජනතා අයිතියට පත් කෙරිණි.
තවද, මේ වනවිට නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ ප්‍රථිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන 1145ක් ජනතා අයිතියට පත් කර ඇති අතර, ‘නිරෝගී ජීවිතයක් - සෞඛ්‍ය සම්පන්න ජනතාවක්’ යන රාජ්‍ය සෞඛ්‍ය දැක්ම සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව මෙම සමාජ සත්කාරය සඳහා ඉදිරියටත් අඛණ්ඩව දායක වෙයි.








