‘Rebuilding Sri Lanka’ අරමුදල වෙත නාවික හමුදාවේ සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නාවික පුද්ගලයන්ගේ දිනක වැටුප පරිත්‍යාග කෙරේ

ශ්‍රී ලංකාවේ මෑත කාලීන ඉතිහාසයේ දරුණුතම ස්වභාවික විපත් අතරින් එකක් වූ 'දිට්වා' සුළි කුණාටුවෙන් සිදුවූ හානියෙන් පසුව රට යළි ගොඩනැංවීම අරමුණු කරගත් 'Rebuilding Sri Lanka' අරමුදල වෙත, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමෙන්තුවේ සේවයේ යෙදී සිටින සියළුම නාවික හමුදා පුද්ගලයන්ගේ 2025 දෙසැම්බර් මස දිනක වැටුප, 2025 දෙසැම්බර් මස 31 වැනි දින බැර කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.