‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑමෙන් හානියට පත් ශ්‍රී පාදස්ථානය වෙත ගමන් ගන්නා මාර්ගය පිළිසකර කිරීමට නාවික හමුදා සහය
‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට පත් ජන ජීවිතය යතාවත් කිරීම වෙනුවෙන් නාවික හමුදාව දිවයිනම ආවරණය වන පරිදි පාලම්, මාර්ග, නිවාස, පානීය ජල ළිං සහ පොදු ස්ථාන පිරිසිදු කිරීමේ හා පිළිසකර කිරීමේ විශේෂ වැඩ පිළිවෙලක් ක්‍රියාවට නංවා ඇති අතර, ඒ යටතේ; ශ්‍රී පාදස්ථානය වෙත ගමන් ගන්නා මාර්ගයේ මහගිරිදඹේ ප්‍රදේශයේ ආපදාවට පත් පියගැට පෙළ පිළිසකර කිරීම සඳහා ත්‍රිවිද හමුදාවේ දායකත්වයෙන් සිදුකෙරෙණ ප්‍රථීසංස්කරණ ක්‍රියාදාමය සඳහා නාවික හමුදා සහය ලබාදීම 2025 දෙසැම්බර් මස 31 දින සිදුකෙරිණි.
පැවති අයහපත් කාළගුන තත්වය හමුවේ ඇදහැළුණු අධික වැසි හේතුවෙන් ශ්‍රී පාදස්ථානය වෙත ගමන් ගන්නා මාර්ගයේ මහගිරිදඹේ ප්‍රදේශයේ ආපදාවට පත් පියගැටපෙළ අළුත්වැඩියා කිරීමේ ක්‍රියාදාමය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය නල්ලතන්නිය ප්‍රදේශයේ සිට මහගිරිදඹය වෙත රැගෙන යාම 2025 දෙසැම්බර් මස 10 දින සිට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ආරම්භ කෙරිණි. 2025 දෙසැම්බර් මස 04 දින සිට සිරිපා වන්දනා සමය අරම්භ වී ඇති බැවින්, මාර්ගය පිළිසකර කිරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය කඩිනමින් නල්ලතන්නියේ සිට මහගිරිදඹය දක්වා රැගෙන යාමට ආරක්‍ෂක අමාත්‍යාංශයේ උපදෙස් මත ත්‍රිවිද හමුදා භට පිරිස් වැඩි ප්‍රමාණයක් අනියුක්ත කිරීම සිදුකෙරිණි.
ඒ අනුව, යුද, නාවික සහ ගුවන් හමුදා බට පිරිස් සිදුකල ඒකාබද්ධ ක්‍රියාදාමයක් මඟින් ශ්‍රී පාදස්ථානය වෙත ගමන් ගන්නා මාර්ගය පිළිසකර කිරීම සඳහා අවශ්‍ය සියළු අමුද්‍රව්‍ය 2025 දෙසැම්බර් 31 දින නල්ලතන්නියේ සිට මහගිරිදඹය දක්වා සාර්ථකව රැගෙන යාමට හැකි විය.










