නැගෙනහිර නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය වැඩ භාර ගනියි
නැගෙනහිර නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් පත් කෙරුණු, රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය 2026 ජනවාරි මස 06 වැනි දින නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීම සිදු කෙරිණි.
නාවික හමුදා සම්ප්‍රදායානුකූලව නැගෙනහිර නාවික විධානය වෙත රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය පිළිගැනීමෙන් අනතුරුව, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් රවීන්ද්‍ර තිසේරා විසින් විධාන මූලස්ථානයේදී ආඥාපති ධූරයෙහි රාජකාරීන් නව ආඥාපති වෙත භාර දීම සිදු කෙරිණි.


