75 වන නාවික හමුදා සංවත්සරය නිමිත්තෙන් නැගෙනහිර විධාන රෝහල් පරිශ්‍රයේදී ලේ දන්දීමේ වැඩසටහනක්
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 75 වෙනි සංවත්සරය වෙනුවෙන්, සමාජමය, පාරසරික හා සදාචාරාත්මක මුලපිරීම් ආවරණය වන පරිදි නාවික හමුදාව ආගමික, පාරසරික හා සමාජ සත්කාරක වැඩසටහන් මාලාවක් පවත්වන ලද අතර, ඒ යටතේ නාවික හමුදාවේ තවත් සමාජ සත්කාර්යයක් ලෙස සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක්, නැගෙනහිර නාවික විධාන රෝහල් පරිශ්‍රයේදී 2026 ජනවාරි මස 03 දින පැවැත්වීමට නාවික හමුදා විසින් කටයුතු සංවිධානය කෙරිණි.
ඒ අනුව, ත්‍රිකුණාමලය දිස්ත්‍රීක් මහ රෝහලේ සහ මඩකලපුව ශික්‍ෂණ රෝහලේ සම්බන්ධී කරණයෙන් සංවිධානය කෙරුණු මෙම උතුම් සමාජ සත්කාර්යය සාර්ථක කර ගැනීම සඳහා නැගෙනහිර නාවික විධානයට අයත් නාවික හමුදා පුද්ගලයින් විශාල පිරිසක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී දායකත්වය දැක්වූහ.



