සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යායතනයේ ආඥාපති නාවික හමුදාධිපති හමුවෙයි
සපුගස්කන්ද, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යායතනයේ අභිනව ආඥාපති ලෙස පත්වූ, මේජර් ජෙනරාල් විජයනාත් ජයවීර අද (2026 ජනවාරි 09) නාවික හමුදා මූලස්ථානයේදී, නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමුවිය.
ඒ අනුව, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යායතනයේ ආඥාපති ලෙස පත්වීමෙන් අනතුරුව, සම්ප්‍රදායානුකූලව නාවික හමුදාධිපති හමුවීම සඳහා සිදු කෙරුනු මෙම නිල හමුවේදි, මාණ්ඩලික විද්‍යායතනයේ ආඥාපති සහ නාවික හමුදාධිපති අතර පුහුණු කටයුතු හා සබැඳි ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද පිළිසඳරක් පැවැත්විණි.
තවද, නාවික හමුදාධිපති විසින් එහිදී, මාණ්ඩලික විද්‍යායතනයේ ආඥාපති වෙත සිය සුභාසිංශන පිරිනැමූ අතර, එම නිල හමුව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිලිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.


