ශ්‍රි ලංකා නාවික හමුදාව වෙත ඉන්දීය නාවික හමුදාව වෙතින් රිබ් යාත්‍රාවක්

ශ්‍රි ලංකා සහ ඉන්දීය නාවික හමුදා අතර සමුද්‍රීය ආරක්‍ෂක සහයෝගීතාවය ශක්තිමත් කරමින්, ඉන්දීය නාවික හමුදාව වෙතින් ප්‍රදානය කරන ලද රිබ් යාත්‍රාවක් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත නිල වශයෙන් පිරිනැමීම, 2026 ජනවාරි මස 15 වැනි දින, කොළඹ වරායේ බටහිර නාවික විධාන මූලස්ථානයේදී සිදුකෙරිණි.

ඒ අනුව, මෙම රිබ් යාත්‍රාව නිල වශයෙන් ප්‍රදානය කිරීම, දහතුන් වැනි (13) ඉන්දීය ශ්‍රී ලංකා මාණ්ඩලික සාකච්ඡා වාරය සඳහා පැමිණි ඉන්දීය නාවික හමුදා දූත මණ්ඩල ප්‍රධානී, රියර් අද්මිරාල් Srinivas Maddula ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණු අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් එම යාත්‍රාව භාර ගැනීම, බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජගත් කුමාර විසින් සිදුකෙරිණි.

තවද, මෙම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශ්වය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදුකෙරිණි.