හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ හෘද කැතීටකරණ රාසයනාගාර ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා නාවික හමුදා ශිල්පීය දායකත්වය
නාවික හමුදාවේ තවත් සමාජ සත්කාරයක් ලෙස, නාවික හමුදාවේ ශිල්පීය දායකත්වයෙන් සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ පදිංචි ශ්‍රී ලාංකික යුවළකගේ මූල්‍ය දායකත්වයෙන් ඉදිකෙරෙන හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ හෘද කැතීටකරණ රාසයනාගාර ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීම, 2026 ජනවාරි මස 15 වැනි දින සිදු කෙරිණි.
තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදාව නියෝජනය කරමින් දකුණු නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු අරුණ වීරසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, හම්බන්තොට මහ රෝහලේ කාර්ය මණ්ඩලය සහ නාවික හමුදා පුද්ගලයින් පිරිසක් ද මේ සදහා සහභාගි විය




