2026 ජාතික මුයිතායි ශූරතාවලියේදි නාවික හමුදාව ජයග්‍රහන රැසක් හිමිකර ගනියි

ශ්‍රී ලංකා මුයිතායි සම්මේලනය විසින් සංවිධානය කරන ලද 2026 ජාතික මුයිතායි ශූරතාවලිය, 2026 ජනවාරි මස 07 සහ 08 දෙදින කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී සාර්ථකව පැවති අතර, එහිදි සුවිශේෂී සටන් කුසලතා හා විනය ප්‍රදර්ශනය කළ ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම රන් පදක්කම් 02 ක්, රිදී පදක්කම් 03 ක් සහ ලෝකඩ පදක්කම් 03 ක් දිනා ගැනීමට සමත්විය.

දිවයිනේ ප්‍රකට මුයිතායි ක්‍රීඩා සමාජ සහ ත්‍රිවිධ හමුදා ක්‍රීඩා සමාජ නියෝජනය කරමින්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් 2026 ජාතික මුයිතායි තරඟාවලිය සඳහා සහභාගි විය.

ඒ අනුව, කිලෝග්‍රෑම් 75 බර පන්තිය නි‍යෝජනය කල නායක නැවි කේටීඒටීපි කුමාර සහ කිලෝග්‍රෑම් 65 බර පන්තිය නියෝජනය කල නායක කාන්තා නැවි ජේඑස් ප්‍රියදර්ශනී විසින් රන් පදක්කම් දිනා ගැනීමට සමත් විය. එමෙන්ම, කිලෝග්‍රෑම් 80 බර පන්තිය නි‍යෝජනය කල නායක නැවි වයිඑම්ආර්එල් සෙනවිරත්න, කිලෝග්‍රෑම් 52 බර පන්තිය නි‍යෝජනය කල නායක කාන්තා නැවි එච්කේඑස් කුමාරි, කිලෝග්‍රෑම් 57 බර පන්තිය නි‍යෝජනය කල නායක කාන්තා නැවි එස්වීපීආර් දිල්හානි විසින් රිදී පදක්කම් දිනා ගැනීමට සමත්වු අතර, කිලෝග්‍රෑම් 57 බර පන්තිය නි‍යෝජනය කල බල නැවි ඩබ්ඩී වීරසිංහ, කිලෝග්‍රෑම් 85 බර පන්තිය නි‍යෝජනය කල නායක නැවි ඩබ්ඩී සමීර සහ කිලෝග්‍රෑම් 60 බර පන්තිය නි‍යෝජනය කල බල කාන්තා නැවි පීඑස්ඩී පතිරණ විසින් එහිදී ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් විය.