Pre Command Training (PCT) XIV පාඨමාලාව ත්‍රිකුණාමලයේදී සාර්ථකව නිමාවට පත් වෙයි
ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවන්ගේ අණභාර ගැනීමට නියමිත නිලධාරීන් වෙනුවෙන් නාවික හමුදා දියත් විධානය විසින් පවත්වන ලද දහ හතර වැනි (14) පුහුණු පාඨමාලාව (Pre Command Training - PCT 02/2025) 2026 ජනවාරි මස 23 වැනි දින ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී සාර්ථකව නිමාවට පත්වූ අතර, එහි සහතිකපත් ප්‍රදානය, ධජ නිලධාරී දියත් විධානය, කොමදෝරු දනේෂ් පත්බේරියගේ ආරාධනයෙන්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම පුහුණු පාඨමාලාව තුලින් අනාගතයේදී නෞකාවන්හි අණදෙන නිලධාරින්ගේ වෘත්තීය නිපුණත්වය සහ නායකත්ව සූදානම වර්ධනය වන අයුරින් න්‍යායික හා ප්‍රායෝගික වැඩසටහන් ඇතුලත්ව සංවිධානය කෙරිණි.
ඒ අනුව, දහ හතරවෙනි (14) Pre Command Training පාඨමාලාව සම්පූර්ණ කල නිලධාරීන් නාවික හමුදාධිපති විසින් සහතිකපත් ප්‍රදානය කෙරුණු අතර, මෙම අවස්ථාව සනිටුහන් කරමින් නාවික හමුදා දියත් විධානයට අණදෙන ධජ නිලධාරී විසින් නාවික හමුදාධිපති වෙත සමරු තිළිණයක් ලබා දීමද සිදුකෙරිණි.


