ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිනව ජල මානක ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන වැඩ භාර ගනියි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජල මානක ප්‍රධානී ලෙස පත් වූ රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන, ශ්‍රී ලංකා නාවික හමුදා ජල ශාස්ත්‍රීය සේවා කාර්යාලයේදි (SLNHS) 2026 ජනවාරි මස 01 වැනි දින වැඩ භාර ගැනීම සිදුකෙරිණි.

නාවික හමුදා ජල මානක සේවාව මඟින් ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ අනෙකුත් ආරක්‍ෂක සංවිධානයන්ගේ මෙහෙයුම් කටයුතු සඳහා අවශ්‍ය ජල මානක දත්ත ලබා දීම හා මුහුදු සිතියම් නිර්මාණය කිරීම, ශ්‍රී ලංකාවට අයත් සාගර කළාපය ඔස්සේ යාත්‍රා කරනු ලබන නෞකා සහ එම සාගර කළාපයේ අනෙකුත් සමුද්‍රීය ක්‍රියාකාරකම් ආරක්‍ෂිතව සිදු කිරීම සඳහා මුහුදේ සමීක්‍ෂණ කටයුතු සිදුකර සිතියම් ගත කිරීම මෙන්ම, ජාතික අවශ්‍යතාවය අනුව රජයේ ආයතන, සංවිධාන හා අනෙකුත් පාර්ශවකරුවන් වෙත අවශ්‍ය සහය ලබාදීම සිදු කරනු ලබයි.

ඒ අනුව, දකුණු නාවික විධානයේ ආඥාපති වශයෙන් කටයුතු කරන අතරතුර, නාවික හමුදා ජල මානක ප්‍රධානී ලෙස පත් වූ රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන ගේ මෙහෙයවීම යටතේ ඉදිරියේදී නාවික හමුදා ජල මානක සේවාවේ කටයුතු සිදු කෙරෙනු ඇත.