ගාල්ල වෙරළ තීරයේදී නාවික හමුදා දායකත්වයෙන් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්

78 වැනි ජාතික නිදහස් දින සැමරුමට සමඟාමීව, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කළ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්‍ 2026 ජනවාරි මස 31 වැනි දින ගාල්ල ආශ්‍රිත වෙරළ තීරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කෙරිණි.

ඒ අනුව, දකුණු නාවික විධානයේ, ශ්‍රී ලංකා නාවික නෞකා දක්‍ෂිණ ආයතනයේ මූලිකත්වයෙන් සංවිධානය කරන ලද මෙම වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන මඟින්, සමුද්‍ර මාවතේ සිට ගාල්ල නගර සීමාව දක්වා වූ වෙරළ තීරයේ විසිරී තිබූ ප්ලාස්ටික් සහ පොලිතීන් ඇතුළු ඝණ අපද්‍රව්‍ය රැසක් වෙරළ තීරයෙන් ඉවත් කිරීමට කටයුතු කෙරිණි.

එම, අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා දක්‍ෂිණ ආයතනයේ නාවික පුද්ගලයින් පිරිසක් සහභාගී වි සිටියහ.