ගොන්ගල කඳු තරණ අභ්‍යාසය සාර්ථකව අවසන් වෙයි

රාජකාරී හා පෞද්ගලික ජීවිතයේ සමබරතාවය තුළින් නාවික හමුදා පුද්ගලයින්ගේ සෞඛ්‍ය සහ යහ පැවැත්ම ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන්, නාවික හමුදාව විසින් සංවිධානය කෙරුණු ගොන්ගල කඳු තරණ අභ්‍යාසය 2026 ජනවාරි මස 31 වැනි දින සාර්ථකව පැවැත්විණි.

ඒ අනුව, දකුණු නාවික විධාන විදුලි හා විද්‍යුත් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන්, එම විධානයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම අභ්‍යාසයෙන් අනතුරුව, ගොන්ගල කඳුවැටියේ ස්ථාපිත ක්‍ෂුද්‍ර තරංග මධ්‍යස්ථානයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ අභ්‍යාසය සඳහා සහභාගී වූ නිලධාරීන් දැනුවත් කිරීමද සිදුකෙරිණි.