ශ්‍රී ලංකාවේ ඉතාලි ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි ඉතාලි තානාපති කාර්යාලයට අනුයුක්තව, ‍ශ්‍රී ලංකාවේ ඉතාලි ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන් Armando Paolo SIMI, නිල හමුවක් සඳහා 2026 පෙබරවාරි මස 05 වැනි දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමුවිය.

මෙම නිල හමුවේදී නාවික හමුදාධිපති සහ ඉතාලි ආරක්‍ෂක උපදේශක අතර ද්වීපාර්ශික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද පිළිසඳරක් පැවැත්විණි.

තවද, මෙම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර, සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.