ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS GHARIAL’ යුද නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2026 පෙබරවාරි මස 04 වැනි දින, සිව් දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS GHARIAL’ නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් 2026 පෙබරවාරි 06 වැනි දින දිවයිනෙන් පිටත්ව යන ලද අතර, නාවික හමුදාව විසින් එම නෞකාව වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.

‘INS GHARIAL’ යුද නෞකාව දිවයිනේ රැදී සිටි කාලය තුලදී, එහි නැව් මුළුව කොළඹ ප්‍රදේශයේ වැදගත් සංචාරක ස්ථාන නැරඹීම සඳහා සහභාගී වූ අතර, නෞකාවේ අණදෙන නිලධාරී සහ බටහිර නාවික විධානයේ ආඥාපති අතර නිල හමුවක් බටහිර විධාන මූලස්ථානයේදී පැවැත්විණි.

තවද, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් ‘INS GHARIAL’ යුද නෞකාව වෙතින් රැගෙන ආ තාවකාලික පාලම් (Baily Bridges) දහයක් (10) භාරදීමද මෙම සංචාරයේදි සිදුකෙරිණි.