නාවික හමුදාව මඟින් ධීවර ප්‍රජාව සඳහා මූලික ජීවිත ආධාරක පුහුණු වැඩසටහනක්
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ධීවර ප්‍රජාව වෙනුවෙන් සංවිධානය කළ මූලික ප්‍රථමාධාර සහ ජීවිත ආධාරක පුහුණු (Basic Life Support - BLS) වැඩසටහනක් 2026 පෙබරවාරි මස 02 වැනි දින ත්‍රීකුණාමලය කොඩ්බේ ධීවර වරාය කේන්ද්‍ර කර ගනිමින් සාර්ථකව පැවැත්විණි.
ඒ අනුව, ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යපෘතියේ, සමාජමය වශයෙන් ප්‍රජාව බලගැන්වීම යටතේ, නැගෙනහිර නාවික විධානය මඟින් සංවිධානය කල මෙම වැඩසටහන මඟින්, මුහුදේදී ඇතිවන හදිසි රෝගී තත්වයකදී මූලික ප්‍රථමාධාර ලබාදීම හා එවැනි හදිසි අවස්ථාවක් කළමනාකරණය කරගන්නා ආකාරය ඇතුළු යහපත් සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීමේ වැදගත්කම පිළිබඳ ත්‍රීකුණාමලය කොඩ්බේ ධීවර වරායේ ධීවර ප්‍රජාව දැනුවත් කිරීම සිදු කෙරිණි.










