78 වැනි ජාතික නිදහස් දිනය නිමිත්තෙන් නාවික හමුදාව මඟින් ලේ දන්දීමේ වැඩසටහන් මාලාවක්

78 වැනි ජාතික නිදහස් දින සැමරුම නිමිත්තෙන් නාවික හමුදාව ලේ දන්දීමේ වැඩසටහන් මාලාවක් සංවිධානය කල අතර, ඒ යටතේ සිදුකෙරුණු ලේ දන්දීමේ වැඩසටහනක් 2026 පෙබරවාරි 02 සහ 05 දිනයන්හී ත්‍රීකුණාමලය පුල්මුඩේ මූලික රෝහල් පරිශ්‍රයේදි සහ මඩකලපුව ශීක්‍ෂණ රෝහල් පරිශ්‍රයේදී, සාර්ථකව පැවැත්විණි.

ඒ අනුව, 'ක්ලීන් ශ්‍රී ලංකා' ජාතික ව්‍යාපෘතියේ සමාජීය මුලපිරීම් යටතේ, 78 වැනි ජාතික නිදහස් දිනය නිමිත්තෙන්, පුල්මුඩේ මූලික රෝහලේ සහ මඩකලපුව ශික්ෂණ රෝහලේ සම්බන්ධීකරණයෙන් මෙම ලේ දන්දීමේ වැඩසටහන්, නැගෙනහිර නාවික විධානයේ මූලිකත්වයෙන් සංවිධානය කෙරිණි.

තවද, මෙම උතුම් සමාජ සත්කාර්යය සාර්ථක කර ගැනීම සඳහා නැගෙනහිර නාවික විධානයට අයත් නාවික හමුදා පුද්ගලයින් විශාල පිරිසක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී දායකත්වය දැක්වූහ.