රාජකීය ඕමාන නාවික හමුදාවේ ‘SADH’ යුද නෞකාව කොළඹ වරායට පැමිණෙයි

රාජකීය ඕමාන නාවික හමුදාවට අයත් ‘SADH’ යුද නෞකාව සැපයුම් හා සේවා සපුරා ගැනීම සඳහා අද (2026 පෙබරවාරි 10) දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීම කොළඹ වරායේදී සිදු කෙරිණි.

ඒ අනුව, කොළඹ වරායට පැමිණි ‘RNOV SADH’ යුද නෞකාව, දිගින් මීටර් 75ක් වන අතර, නෞකාවේ අණදෙන නිලධාරී ලෙස ලුතිනන් කොමාණ්ඩර් Shaheen Saud Abdul Rahman AI Balushi කටයුතු කරනු ලබයි.

තවද, මෙම යුද නෞකාව මෙරට රැඳී සිටින කාලසීමාව තුළ එහි නැව්මුළුව කොළඹ ප්‍රදේශයේ ආකර්ෂණීය සංචාරක ස්ථාන නැරඹීම සඳහා සංචාරය කිරීමට නියමිතව ඇත.