“සමනොළ සිරි – හරිත වන්දනා” ජාතික වැඩසටහනට නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය
‘ක්ලීන් ශ්‍රී ලංකා’ ලේකම් කාර්යාලය සහ පරිසර අමාත්‍යාංශය එක්ව ක්‍රියාත්මක කරන “සමනොළ සිරි – හරිත වන්දනා” ජාතික වැඩසටහන යටතේ නල්ලතන්නියේ සිට සිරිපා මළුව දක්වා පරිසරයට හානිවන ලෙස බැහැරකරන ලද කසළ ඉවත් කිරීමේ වැඩසටහන සඳහා 2026 පෙබරවාරි 19 වන දින ප්‍රජාසත්කාරක දායකත්වය ලබාදීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව පාරසරික සාමාජීය සහ ආචාර ධර්මීය වශයෙන් ප්‍රථිස්තාපනය කිරීමේ ජනාධිපති කාර්යය සාධක බලකායේ ප්‍රමුඛ පාර්ශ්ව කරුවෙකු වශයෙන් ඒ යටතේ ක්‍රියාවට නන්වන වැඩසටහන් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තර ප්‍රජාසත්කාරක දායකත්වය ලබා දෙනු ලබයි.
ඒ අනුව, ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ලේකම් කාර්යාලය සහ පරිසර අමාත්‍යාංශය එක්ව රාජ්‍ය ආයතන, ත්‍රිවිද හමුදාව, පොලීසිය, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සිවිල් සංවිධාන සහ මහජන සහභාගීත්වයෙන් සිදුකෙරුණු මෙම “සමනොළ සිරි – හරිත වන්දනා” ජාතික වැඩසටහන යටතේ නල්ලතන්නියේ සිට සිරිපා මළුව දක්වා වන ගමන් මාර්ගයේ බැතිමතුන් විසින් අක්‍රමවත්ව බැහරකරන ලද ප්ලාස්ටික්, ජල බෝතල්, පොලිතීන් කවර ඇතුළු දිරාපත් නොවන කසල විශාල ප්‍රමාණයක් එක් රැස්කර එම පරිසර පද්ධතියට හානියක් නොවන ලෙස ක්‍රමවත්ව බැහැර කිරිම සඳහා මෙලෙස නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය ලබා දීම සිදු කෙරිණි.


















