හදිසි ගිණි ගැනීමකදී අනුගමනය කළ යුතු ආරක්ෂිත ක්‍රමවේද හා ඒ සඳහා සූදානම ශක්තිමත් කිරීම වෙනුවෙන් විස්තීර්ණ ගිණි ප්‍රතිචාර පුහුණුවක්
මැරීන් බලකා නාවික හමුදා පුද්ගලයින් වෙනුවෙන් පැවැත්වූ ගොඩනැගිලි ගිනි නිවීමේ සහ කඹ ආධාරයෙන් ගලවා ගැනීමේ විශේෂිත පුහුණු වැඩසටහනක් ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක ගිනි නිවීමේ පුහුණු පාසලේදී 2026 ජනවාරි මස 30 දින සාර්ථකව අවසන් විය.
නාවික හමුදා මූලස්ථනය වෙතින් සිදුකල ඉල්ලීමකට අනුව 2026 ජනවාරි මස 19 වන දින ආරම්භ කෙරුණු මෙම පුහුණු පාඨමාලාව, ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ ආරක්ෂාව සඳහා අනුයුක්ත කර ඇති නාවික හමුදා මැරීන් බලකායේ නාවික හමුදා පුද්ගලයින්ගේ හදිසි ප්‍රතිචාර හැකියාව වැඩි දියුණු කිරීම සඳහා විශේෂයෙන් සැලසුම් කර පැවැත්විණි.
මෙම පුහුණුව මගින් ගොඩනැගිලි ගිනි නිවීම සඳහා අත්‍යවශ්‍ය න්‍යායාත්මක හා ප්‍රායෝගික අංශ, කඹ ගලවා ගැනීමේ ශිල්පීය ක්‍රම සහ මෙහෙයුම් රාජකාරීන්ට අදාළ රැප්ලිං ක්‍රියා පටිපාටි ආවරණය කෙරිණි.
තවද, මෙම මුලපිරීම් මඟින් හා පුහුණු හුවමාරු මඟින් හදිසි ප්‍රතිචාර දැක්වීමේ සූදානම වැඩි දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අඛණ්ඩ කැපවීම පිළිබිඹු කරයි.


















