ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS TARANGINI’ නෞකාව නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙයි

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS TARANGINI’ නෞකාව නිල සංචාරයක් සඳහා 2026 පෙබරවාරි මස 27 වැනි දින දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව, නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම ත්‍රිකුණාමලය වරායේදී සිදුකෙරිණි.

මෙලෙස දිවයිනට පැමිණි SAIL TRAINING SHIP වර්ගයට අයත් ‘INS TARANGINI’ නෞකාව, දිගින් මීටර් 54ක් හා නැව් මුළුව 36ක ගෙන් සමත්විත වන අතර, නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් Nitin Gajjar කටයුතු කරනු ලබයි.

‘INS TARANGINI’ නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුල එම නෞකාවේ පැවැත්වෙන පුහුණු වැඩසටහන් සඳහා සහ නෞකාවේ මෙහෙයුම් ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය සඳහා නාවික හමුදාවේ පුහුණුවන නිලධාරීන් සහ නාවික ශිෂ්‍ය භටයින් (Sea Cadets) සහභාගි වීමට නියමිතව ඇත.

එමෙන්ම නෞකාවේ නැව් මුළුව, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙරටේ නාවික හමුදා අතර සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන වැඩසටහන් සඳහා සහභාගීවීමට මෙන්ම, දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිතව ඇත.