මාලදිවයින් වෙරළාරක්‍ෂක බලකායට අයත් ‘HURAVEE’ නෞකාව දිවයිනට පැමිණෙයි

මාලදිවයින් වෙරළාරක්‍ෂක බලකායට අයත් ‘HURAVEE’ නෞකාව සැපයුම් හා සේවා සපුරා ගැනීම සඳහා 2026 මාර්තු මස 02 වැනි දින දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීම කොළඹ වරායේදී සිදු කෙරිණි.

ඒ අනුව, කොළඹ වරායට පැමිණි Offshore Patrol Vessel වර්ගයට අයත් ‘HURAVEE’ නෞකාව, දිගින් මීටර් 48.9ක් වන අතර, නෞකාවේ අණදෙන නිලධාරී ලෙස ලුතිනන් කර්නල් Ahmed Nafiu Mohamed කටයුතු කරනු ලබයි.

තවද, මෙම නෞකාව මෙරට රැඳී සිටින කාලසීමාව තුළ එහි නැව්මුළුව කොළඹ ප්‍රදේශයේ ආකර්ෂණීය සංචාරක ස්ථාන නැරඹීම සඳහා සංචාරය කිරීමට නියමිතව ඇත.