‘ලෝක ග්ලුකෝමා දිනය’ වෙනුවෙන් කොළඹ නාවික මහ රෝහලේදී අක්ෂි සායනයක්

මාර්තු මස 12 වැනි දිනට යෙදී ඇති ‘ලෝක ග්ලුකෝමා දිනය’ වෙනුවෙන් කොළඹ නාවික මහ රෝහලේදී, ග්ලුකෝමා සායනයක් 2026 මාර්තු මස 03 වැනි දින පැවැත්විණි.

ඒ අනුව, ශ්‍රී ලංකා අක්ෂි වෛද්‍ය විද්‍යාලයේ විශේෂඥ වෛද්‍යවරුන් හා කාර්ය මණ්ඩලය, ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලයේ සහයෝගය ඇතිව කොළඹ නාවික මහ රෝහලේදී පැවැත්වූ මෙම ග්ලුකෝමා සායනයේදී ත්‍රිවිද හමුදා පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් තුන්සිය හැට දෙනෙකු (360) වෙත ග්ලුකෝමා පරීක්‍ෂාව සිදු කිරීම හා විශේෂඥ වෛද්‍ය උපදෙස් ලබාදීම සිදුකෙරිණි.

images