වෙඩි වැදීමෙන් තුවාල ලත් වන අලියෙකුට ප්‍රතිකාර ලබා දීමට නාවික හමුදා සහය

අම්පාර පානම ප්‍රදේශ‍යේ පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා මහනාග ආයතන පරිශ්‍රයට අයත් භූමි ප්‍රදේශයේ සැරිසරමින් සිටි වෙඩි වැදීමෙන් තුවාල ලත් වන අලියෙකු වෙත අවශ්‍ය ප්‍රථිකාර කිරීම සඳහා වනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත නාවික හමුදා සහය ලබා දීම, 2026 මාර්තු මස 10 වැනි දින සිදු කෙරිණි.

ඒ අනුව, ගිණිකොන නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනය මඟින්, වෙඩි වැදීමෙන් ලත් තුවාල සහිතව කඳවුරු භූමියේ සැරිසරමින් සිටි වන අලියෙකු නිරීක්‍ෂණය කර, අම්පාර වනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තු කාර්යාලය වෙත සිදුකළ දැනුම්දීමකට අනුව, වන අලියා වෙත ප්‍රථිකාර ලබා දීම සඳහා පැමිණි කාර්ය මණ්ඩලයට අවශ්‍ය සහය ලබා දීම මෙලෙස සිදු කෙරිණි.