ලෝක “ස්ථූලතා දින” දැනුවත් කිරීමේ පාගමන සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව එක්වෙයි
ලෝක ස්ථූලතා දිනයට සමගාමීව “Healthy Weight – Wealthy Life.” යන තේමාව යටතේ කොළඹ විහාරමහාදේවි උද්‍යානය ආශ්‍රිත ප්‍රදේශයේ 2026 මාර්තු මස 07 වැනි දින පැවැති මහජන දැනුවත් කිරීමේ පාගමන සඳහා නාවික හමුදාව එක් විය.
සෞඛ්‍ය අමාත්‍යාංශය, ආරක්‍ෂක අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලීසිය, ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍යවරුන්ගේ විද්‍යාලය (Sri Lanka College of Nutrition Physicians) එක්ව ශ්‍රී ලංකා වෛද්‍ය පෝෂණ සංගමය (Sri Lanka Medical Nutrition Association) විසින් සංවිධානය කර තිබූ මෙම පා ගමන, ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලය (Sri Lanka College of Military Medicine) ඇතුළු වෘත්තීය වෛද්‍ය ආයතන රැසක සහභාගීත්වයෙන් පැවැත්විණි.
සමබර පෝෂණය, නිතිපතා ශාරීරික ක්‍රියාකාරකම් සහ යහපත් ජීවන රටාවක් පවත්වා ගනිමින් නිරෝගී ශරීර බරක් පවත්වා ගැනීම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම මෙහි මූලික අරමුණ විය.







