රණක්ෂිතයට පත් රණවිරුවන් නාවික සංචාරයකට එක්වෙයි
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව සහ රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධීක්‍ෂණය යටතේ, රණවිරු සෙවන පුනරුත්ථාපන මධ්‍යස්ථානය, මිහිඳු සෙත් මැදුර සහ අභිමංසල 1, 2, සහ 3 සුවතා නිකේතනයන්හි ප්‍රථිකාර ලබන රණවිරුවන් පිරිසක් වෙනුවෙන් විශේෂ නාවික සංචාරයක් සංවිධානය කර තිබුණි.
නාවික හමුදාධිපතිතුමන්ගේ අනුමැතිය ඇතිව, 2026 මාර්තු මස 04 දින ගාල්ල දක්ෂිණ නාවික හමුදා කඳවුරේ සිට ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් “ලංකා දේවි” නෞකාව මගින් මෙම තල්මසුන් නැරඹීමේ චාරිකාවක් සඳහා රැගෙන යන ලදී.
මාධ්‍ය අනුග්‍රහය – army.lk






