සුහද සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ජපාන ස්වයං ආරක්‍ෂක සමුද්‍රීය බලකායට අයත් “JMSDF OONAMI” නෞකාව දිවයිනෙන් පිටත්වෙයි

ජපාන ස්වයං ආරක්‍ෂක සමුද්‍රීය බලකායට අයත් “JMSDF OONAMI” නෞකාව සුහද සංචාරයක් සඳහා 2026 මාර්තු මස 09 වැනි දින දිවයිනට පැමිණි අතර, සුහද සංචාරය අවසන් කරමින්, සේවා අවශ්‍යතා සපුරා ගැනීමෙන් පසුව 2026 මාර්තු මස 11 වැනි දින දිවයිනෙන් පිටත් විය. “JMSDF OONAMI” නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.

මෙලෙස දිවයිනට පැමිණි “JMSDF OONAMI” නෞකාව, දිගින් මීටර් 150.5ක් වන අතර, මෙම සුහද සංචාරයේදී නෞකාවේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් IIO Hiromasa සහ බටහිර නාවික විධානයේ ආඥාපති අතර නිල හමුවක් බටහිර විධාන මූලස්ථානයේදී පැවැත්විණි.

තවද, “JMSDF OONAMI” නෞකාව දිවයිනේ රැඳී සිටි කාලසීමාව තුළ එහි නැව් මුළුව කොළඹ ප්‍රදේශයේ සංචාරය කිරීම සඳහා සහ දෙරටේ නාවික හමුදා අතර සුහදත්වය වර්ධනය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් සඳහාද සහභාගී වූහ.