රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ (විශ්‍රාමික) ගිනස් ලෝක වාර්තාවක් පිහිටු වීම සඳහා දිවීම ආරම්භ කරයි
යාන්ත්‍රික නොවන ඇවිදීමේ යන්ත්‍රයක (Manual Treadmill) පැය 48ක කාලයක් එක දිගට දිවීමෙන් ගිනස් ලෝක වාර්තාවක් (01) පිහිටුවීම සඳහා රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ (විශ්‍රාමික) අද (2026 මාර්තු 20) 1000 පැයට කොළඹ නාවික අනුඛණ්ඩයේදී, ලෝක වාර්තා පිහිටුවීම සම්බන්ධ ආයතනයේ අධික්‍ෂණයෙන් දිවීම ආරම්භ කෙරණු අතර, එම අවස්ථාව සඳහා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය ගරු සුනිල් කුමාර ගමගේ මහතා සමඟ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ සහභාගී විය.
ඒ අනුව, යාන්ත්‍රික නොවන ඇවිදීමේ යන්ත්‍රයක පැය 12ක කාලයක් තුල, පැය 24 ක කාලයක් තුල සහ පැය 48ක කාලයක් තුල වැඩිම දුරක් දිවීමෙන් මීට පෙර තබා තිබූ සියළු ගිනස් ලෝක වාර්තා බිඳ දැමීමෙන්, මෙලෙස නව ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවීමට රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ (විශ්‍රාමික) අපේක්‍ෂා කරයි.


