නාවික හමුදාව මඟින් ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ගල්නෑවේදී ජනතා අයිතියට

නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අනුරාධපුර නෑගම සිරිසුමන විද්‍යාලයේ ස්ථාපනය කල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානයක් (01) ජනතා අයිතියට පත්කිරීම 2026 මාර්තු මස 27 වන දින සිදු කෙරිණි.

නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන්, ගම්මැද්ද සමාජ සත්කාරක වැඩසටහන යටතේ ගම්මැද්ද පොදු අරමුදලේ මූල්‍ය දායකත්වයෙන් ඉදිකෙරෙණු මෙම ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානයත් (01) ඇතුළුව, නාවික හමුදාව විසින් ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන 1152ක ප්‍රමාණයක් මේ වන විට ජනතා අයිතියට පත්කර ඇත.

ඒ අනුව, මෙලෙස ජනතා අයිතියට පත්කරන ලද මෙම ජල පිරිපහදු මධ්‍යස්ථානය මඟින්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අනුරාධපුර නෑගම සිරිසුමන විද්‍යාලයේ ඉගෙනුම ලබන පාසල් ළමුන් ඇතුළු ඒ ආශ්‍රිතව ජීවත්වන විශාල ජනතාවකගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය පහසුවෙන් සපුරා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.