හම්බන්තොට වරාය පරිශ්‍රය තුල රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (CBRN) උපද්‍රව පිළිබඳව සාර්ථක පුහුණු අභ්‍යාසයක් නාවික හමුදාව මූලිකත්වයෙන් පවත්වයි
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්, හදිසි රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (CBRN) උපද්‍රව අවස්ථාවන්හිදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීම සඳහා වූ පුහුණු අභ්‍යාසයක්, 2026 මාර්තු 04 වන දින සිට 13 වන දින දක්වා ශ්‍රී ලංකා නාවික නෞකා කාවන්තිස්ස ආයතනයේදී හා හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රයේ බහාලුම් අංගනයේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, දකුණු නාවික විධානයේ රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (CBRN) ඒකකය විසින් සංවිධානය කරන ලද මෙම පුහුණු අභ්‍යාසය සදහා න්‍යායික හා ප්‍රායෝගික සැසි ඇතුළත් වූ අතර,ඒ සදහා ශ්‍රී ලංකා නාවික නෞකා කාවන්තිස්ස ආයතනයේ නාවිකයින්, හම්බන්තොට ජාත්‍යන්තර වරායේ හදිසි ප්‍රතිචාර ඒකකය (Emergency Response Unit), ආරක්‍ෂක අංශය (Safety Section), නිරාපද සෞඛ්‍ය සහ පාරිසරික අංශය (Safety Health & Environment Section) වල සාමාජිකයන් පිරිසක් සහභාගී විය.
මෙහි න්‍යායික සැසිය තුළදී; හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රය තුළ සිදුවිය හැකි රසායනික අනතුරු සහ එම අනතුර වලට ගොදුරු වුවන් නිර්දූෂණය කර මුදවාගෙන වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීම, විසිරී ඇති රසායනික ද්‍රව්‍ය කළමනාකරණය කිරීම සහ හාඳුනා නොගත් රසායනික ද්‍රව්‍ය හඳුනා ගැනීම සම්බන්ධව විශේෂ පුහුණු ක්‍රියාකාරකම් සිදු කෙරිණි.


