ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක නිල හමුවක් සඳහා නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් මැතිව් ඇලන් හවුස් (Lieutenant Colonel Matthew Alan House) 2026 මාර්තු 27 වන දින නැගෙනහිර නාවික විධාන මුලස්ථානයේදී නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය හමුවිය.

මෙම නිල හමුව, දෙරටේ හමුදා අතර, පැවති එකාබද්ධ හුවමාරු පුහුණු අභ්‍යාසයට (JCET) සමඟාමිව පැවැත්වුණි. එහිදී, ද්විපාර්ශවීය එකාබද්ධ පුහුණු වැඩසටහන් හරහා වෘත්තීය පලපුරුද්ද හුවමාරුකර ගැනීමේ අවස්ථාවන් පිළිබඳව කරුණු සාකච්ඡා කෙරෙණි.

තවද, මෙම අවස්ථාවේදී, නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති සහ ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක උපදේශක අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු විය.