ශ්‍රී ලංකාවේ පාකිස්ථානු නව මහ කොමසාරිස් නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ පාකිස්ථානු ඉස්ලාමීය ජනරජයේ නව මහ කොමසාරිස් මේජර් ජෙනරල් නයාර් නසීර් (විශ්‍රාමික) අද (2026 අප්‍රේල් 29) නාවික හමුදා මූලස්ථානයේදී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමු විය.

මේජර් ජෙනරල් නයාර් නසීර් (විශ්‍රාමික), ශ්‍රී ලංකාවේ නව පාකිස්ථානු මහකොමසාරිස් ලෙස 2026 අප්‍රේල් මස 20 වන දින පත්වීමෙන් පසු නාවික හමුදාධිපති සමඟ පැවැත් වූ ප්‍රථම නිල හමුව ලෙස මෙය සනිටුහන් වූ අතර, නව පත්වීම් ලද ශ්‍රී ලංකාවේ නව පාකිස්ථානු මහකොමසාරිස් වෙත නාවික හමුදාධිපති විසින් මෙහිදී සුභාශිංසන පිරිනැමීමට කටයුතු කෙරිණි.

එහිදී, ශ්‍රී ලංකාවේ පාකිස්ථානු නව මහ ‍කොමසාරිස් සහ නාවික හමුදාධිපති අතර දෙරටේ සහයෝගීත්වය ඇතුළු ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද පිළිසඳරක නිරත විය.

තවද, මෙම නිල හමුව සනිටුහන් කරමින් දෙපාර්ශ්වය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.