රටවල් 17ක සංයුතියකින්යුත් නැව් කණ්ඩායමක් සමඟ ‘INS SUNAYNA’ නෞකාව දිවයිනට පැමිණෙයි
‘මිත්‍රත්වයේ පාලම’ (Bridges of Friendship) තේමාව කරගත් ඉන්දීය නාවික හමුදාවට අයත් INS SUNAYNA’ නෞකාව රටවල් 17ක නැව් මුළුවකින් යුක්තව ‘IOS Sagar’ නාමයෙන් මුහුදු අදියර ආරම්භ කර, 2026 මැයි මස 15 වන දින කොළඹ වරායට පැමිණි අතර, මෙම නෞකාව, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව කොළඹ වරායේදී පිළිගැනීම සිදුකෙරිණි.
ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, කෙන්යාව, මැලේසියාව, මාලදිවයින, මොරිෂස්, මොසැම්බික්, මියන්මාරය, සිංගප්පූරුව, සීෂෙල්ස්, දකුණු අප්‍රිකාව, ටැන්සානියාව, තායිලන්තය, ටිමෝර් ලෙස්ටේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල නිලධාරීන් සහ නාවිකයින්ගෙන් සමන්විත බහුජාතික කාර්ය මණ්ඩලයකින් යුතුව, 2026 අප්‍රේල් මස 02 වන දින ඉන්දියාවේ මුම්බායි වරායෙන් පිටත්වූ මෙම ‘IOS Sagar’ නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් SIDDHARTH CHAUDHARY කටයුතු කරයි.
මෙලෙස විවිධ රටවල් නියෝජනයෙන් සැදුම්ලත් ‘IOS Sagar’නෞකාවේ නැව් මුළුව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුළ, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන විවිධ වෘත්තීය වැඩසටහන් හා සමඟ එක්වීමට නියමිත අතර, දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට ද නියමිතය.


