නාවික හමුදාවේ මූලිකත්වයෙන් ලේ දන්දීමේ වැඩසටහනක්
ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජ සත්කාර්යයක් ලෙස සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක් (01) උතුරු මැද නාවික විධාන රෝහල් පරිශ්‍රයේදී, 2026 මැයි මස 19 වැනි දින පැවැත්විණි.
නාවික හමුදාධිපතිගේ සංකල්පයකට අනුව, උතුරු මැද නාවික විධාන ආඥාපතිගේ උපදෙස් මත ජාතික රණවිරු අනුස්මරණ දිනය හා වෙසක් පුන් පොහෝ දිනයට සමඟාමීව, මෙම ලේ දන්දීමේ වැඩසටහන, අනුරාධපුර ශික්ෂණ රෝහලේ සහ වවුනියාව දිස්ත්‍රික් රෝහලේ, ලේ බැංකු සමඟ සම්බන්ධීකරණය වී, උතුරු මැද නාවික විධාන රෝහල් පරිශ්‍රයේදී පවත්වන ලදි.
තවද, මෙම උතුම් සමාජ සත්කාර්යය සාර්ථක කර ගැනීම සඳහා උතුරු මැද නාවික විධානයේ නාවික හමුදා පුද්ගලයින් විශාල පිරිසක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී දායකත්වය දැක්වූහ.



