ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී නාවික හමුදාධිපති හමුවෙයි

ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් අමර් ප්‍රීත් සිං (Air Chief Marshal Amar Preet Singh) අද (2026 මැයි 21) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමුවිය.

ඒ අනුව, නාවික හමුදා මූලස්ථානය වෙත පැමිණි ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී, බටහිර නාවික විධානයේ ආඥාපති විසින් නාවික හමුදා මූලස්ථානය වෙත පිළිගැනීමෙන් පසු, සම්ප්‍රදායානුකූලව නාවික හමුදා සම්මාන ආචාර මුරයක් මඟින් උත්තමාචාර පිරිනැමීමට කටයුතු කෙරිණි. අනතුරුව, නාවික හමුදාධිපති විසින් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානි ඇතුළු කළමනාකරණ මණ්ඩලය ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී වෙත හඳුන්වාදීම සිදුකෙරිණි.

හමුදාමය සම්ප්‍රදායන්ට අනුකූලව පැවති මෙම හමුවේදී, ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී සහ නාවික හමුදාධිපති අතර ද්විපාර්ශවීය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව අදහස් හුවමාරුවක් සිදුවිය. තවද, මෙම නිල හමුව සංකේතවත් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි.