ජාතික රණවිරු සැමරුමට සමගාමීව නාවික හමුදාධිපති වැලිසර නාවික රණවිරු රැකවරණ මධ්‍යස්ථානයේ රණවිරුවන් හමුවෙයි
මැයි මස 19 වැනි දිනට යෙදුණු ජාතික රණවිරු සැමරුමට සමගාමීව, වැලිසර නාවික රණවිරු රැකවරණ මධ්‍යස්ථානයේ (Anchorage Naval Care Center) නේවාසිකව සිටින රණවිරුවන් හමුවීම සඳහා අද (2026 මැයි 22) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ සහභාගි විය.
ඒ අනුව, මෙම හමුවීමේදී රණක්‍ෂිතයට පත්ව වැලිසර නාවික රණවිරු රැකවරණ මධ්‍යස්ථානයේ නේවාසිකව සිටින වීරෝධාර නාවික රණවිරුවන්ගේ සුවදුක් විමසා ඔවුන්ව දිරිමත් කළ නාවික හමුදාධිපති, එම රණවිරුවන්ගේ සුභසාධනය වෙනුවෙන් තවදුරටත් අවශ්‍ය කටයුතු සිදුකිරීමට උපදෙස් ලබාදෙන ලදි.
තවද, වැලිසර නාවික රණවිරු රැකවරණ මධ්‍යස්ථානය තුළ රණක්‍ෂිතයට පත්ව සිටින විරුවන්ගේ සුවපහසුව, මානසික සහ ශාරීරික යහපැවැත්ම මෙන්ම දෛනික අවශ්‍යතා ඉහළම මට්ටමින් සපුරාලීම සඳහා එහි කාර්ය මණ්ඩලය විසින් නිරන්තරයෙන් සහ නොපසුබට අයුරින් සිදුකරනු ලබන සේවය නාවික හමුදාධිපතිගේ විශේෂ ඇගයීමට සහ පැසසුමට ලක්විය.



