වැදගත් සිදුවීම්

“වික්‍රමාදිත්‍ය” නෞකාවේ සංචාරයක නිරත වූ ශ්‍රී ලාංකික අමාත්‍යවරුන් හා ඉහළ පෙල ආරක්ෂක නියෝජිතයින් නෞකාවේ දී සාදරයෙන් පිළිගැනෙති

කොළඹ වරායට පළමු වරට පැමිණි ඉන්දීය නාවික හමුදාවේ “වික්‍රමාදිත්‍ය” නෞකාවේ සංචාරයක නිරත වූ ශ්‍රී ලාංකික අමාත්‍යවරුන් පිරිසක් හා ඉහළ පෙළ ආරක්ෂක නිලධාරීන් පිරිසක් නෞකාවේ දී අද (21) දහවල් උණුසුම් අයුරින් පිළිගනු ලැබිණි.

21 Jan 2016

ඉන්දීය ධීවරයන් 102 දෙනෙකු නැවත භාර දීම සඳහා නාවික හමුදාවේ සහාය
 

මෙරට අත්අඩංගුවේ සිට නිදහස ලැබූ ඉන්දීය ධීවරයන් 102 දෙනෙකු කන්කසන්තුරයට උතුරින් වූ අන්තර්ජාතික මුහුදු සීමාවේදී ඉන්දියානු වෙරළාරක්ෂක බළකායේ “දුර්ගාවතී” සහ “අමායා” යන නෞකාවන් වෙත භාර දීම නාවික හමුදාවේ සහාය ඇතිව අද (21) සිදු කෙරිණි.

21 Jan 2016

ඉන්දීය නාවික හමුදාවේ බටහිර දියත් විධානයට අණදෙන ධජ නිලධාරී සහ “වික්‍රමාදිත්‍ය” හා “මයිසූර්” නෞකාවන් හි අණදෙන නිලධාරීන් නාවික හමුදාධිපති හමුවෙයි

ඉන්දීය නාවික හමුදාවේ බටහිර දියත් විධානයට අණදෙන ධජ නිලධාරී රියර් අද්මිරාල් රව්නීට් සිං මහතා සහ “වික්‍රමාදිත්‍ය” සහ “මයිසූර්” නෞකාවන් හි අණදෙන නිලධාරීන් වන කපිතාන් කේ ස්වාමිනාදන් මහතා හා‍ කපිතාන් එම් පෝල් මහතා නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

21 Jan 2016

ඉන්දියානු නාවික හමුදාවේ “වික්‍රමාදිත්‍ය” සහ “මයිසූර්” නෞකාවන් ශ්‍රී ලංකා නාවික හමුදාව හරසරින් පිළිගනියි
 

ඉන්දියානු නාවික හමුදාවේ විශාලතම නෞකාව වන ප්‍රහාරක ගුවන් යානා රැගෙන යන “වික්‍රමාදිත්‍ය” නෞකාව සහ “මයිසූර්” යුද නෞකාව අද (21) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදානුකූලව ඉතාමත් හරසරින් එම නෞකාවන් පිළිගන්නා ලදී.

21 Jan 2016

එක්සත් ජනපද නාවික නිලධාරීන් කණ්ඩායමක් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක

නාවික හමුදා සෙබළ අංශ නාවිකයින්ගේ පුහුණු කටයුතු සඳහා 2016 වසර තුළ දී සිදු කිරීමට බලාපොරොත්තු වන පුහුණු වැඩසටහන් පිළිබඳව සාකච්ජා කිරීම සඳහා එක්සත් ජනපද නාවික නිලධාරීන් පිරිසක් ඊයේ (20) නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.

21 Jan 2016

නීතිවිරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ලාංකික ධීවරයින් පස් දෙනෙකු අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අනුයුක්ත මුර සංචාරක යාත්‍රාවක් විසින් කුදිරමලෙයි මුහුදු ප්‍රදේශයේ නීතිවිරෝධී ධීවර කටයුතු නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් පස් දෙනෙකු සමග ඩිංගි යාත්‍රාවක් ඊයේ (19) උදෑසන අත්අඩංගුවට ගන්නා ලදී.

20 Jan 2016

මුහුදු සීමා උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් තිදෙනෙකු අත්අඩංගුවට
 

මාදගල් ප්‍රදේශයට උතුරින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීතිවිරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් තිදෙනෙකු සමග කුඩා ඔරුවක් නාවික හමුදාව ඊයේ (19) අත්අඩංගුවට ගත් අතර, මෙම පිරිස ඉදිරි කටයුතු සඳහා ඉලවාලි පොලිසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

20 Jan 2016

ශ්‍රී ලාංකික ධීවරයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගැනේ
 
 

කල්පිටිය, ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් නීති විරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ධීවරයින් 6 දෙනෙකු සමග ඩිංගි යාත්‍රාවන් 02 ක් සහ සුරුක්කු දැල් 02 ක් සමග ඊයේ (18) බත්තලංගුන්ඩුව සහ කුදිරමලෙයි තුඩුව අතර මුහුදු තීරයේදී අත්අඩංගුවට ගන්නා ලදී.

19 Jan 2016

“ලියුෂූ” “සැන්යා” සහ “කින්හායු” යන චීන නෞකාවන් හි කාර්ය බලකා අණදෙන නිලධාරී නාවික හමුදාධිපති හමුවෙයි

දින 5ක නිල සංචාරයක් සඳහා ජනවාරි මස 17 වන දින කොළඹ වරායට පැමිණි චීන නාවික හමුදාවට අයත් “ලියුෂූ” “සැන්යා” සහ “කින්හායු” යන නෞකාවන් හි කාර්ය බලකා අණදෙන නිලධාරී දකුණු චීන නෞකා බලඝනයේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් යූ මැන්ජියැන්ග් මහතා සහ එම නෞකාවන් හි අණදෙන නිලධාරීන් අද (18) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

18 Jan 2016

ජනකපුර විද්‍යාලයේ අක්‍රීයව පැවති ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය නාවික හමුදාව විසින් සක්‍රීය කෙරේ
 

නිදන්ගත වකුගඩු රෝගය වළකාලීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් නාවික හමුදාවෙන් කරන ලද ඉල්ලීමකට අනුව වැලිඔය, ජනකපුර මහා විද්‍යාලයේ අක්‍රීය තත්ත්වයේ පැවති ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය (RO Plant) නාවික හමුදාව මගින් අළුත්වැඩියා කොට සිසු දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා යථා තත්ත්වයට පත් කර දී ඇත.

18 Jan 2016