වැදගත් සිදුවීම්

ඔස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂක බලකායේ කොමසාරිස් නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

ඕස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂක බලකායේ කොමසාරිස් රෝමන් කොඩ්ලීග් මහතා අද (22) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

22 Nov 2016

ඇමරිකානු නාවික හමුදාවේ "සමර්සෙට් " යුද නෞකාව ත්‍රිකුණාමලය වරායට පැමිණෙයි
 

ඇමරිකානු නාවික හමුදාවට අයත් "සමර්සෙට්" යුද නෞකාව පුහුණු සංචාරයක් සඳහා අද (22) ත්‍රිකුණාමලය වරායට සේන්දු විය.

22 Nov 2016

නාවික ධජයන්ට සෙත් පැතීමේ පුණ්‍ය මහෝත්සවය ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී

2016 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 66 වන සංවත්සරය නිමිත්තෙන් නාවික ධජයන්ට සෙත්පැතීමේ පුණ්‍ය මහෝත්සවය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී අද (21) පැවැත්විණි.

22 Nov 2016

තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් ජනතා අයිතියට පත් කෙරේ
 

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් වවුනියාව පොලිස් ස්ථානයේ සහ ගලෙන්බිදුනුවැව කොකාවැව ගම්මානයේ ස්ථාපිත කරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් ඊයේ (20) ජනතා අයිතියට පත් කෙරුණි.

21 Nov 2016

නාවික හමුදා කාන්තා බේස්බෝල් කණ්ඩායම පළමු විදෙස් ශූරතාවය දිනා ගනියි
 

මෙම මස මුල් සතිය තුළ තායිලන්තයේ බැංකොක් නගරයේ පැවති කාන්තා බේස් බෝල් තරඟාවලියේදී නාවික හමුදා කාන්තා බේස්බෝල් කණ්ඩායම සමස්ථ ශූරතාවය දිනා ගැනිමට සමත් විය.

21 Nov 2016

සීඑච් ඇන්ඩ් එෆ්සී පිල පරදා නාවික හමුදා රග්බි පිල ජයග්‍රහනය කරයි
 

ඩයලොග් ලීග් රග්බි 2016/17 තරඟාවලියේ පළමු අදියරේ, අද (20) පස්වරුවේ වැලිසර නාවික හමුදා ක්‍රීඩා පිටියේ පැවති තරඟයෙන් සීඑච් ඇන්ඩ් එෆ්සී පිල පරදවා ලකුණු 55 - 3 ක් ලෙස සිය ජයග්‍රහණය තහවුරු කර ගැනීමට නාවික හමුදා රග්බි පිලට හැකිවිය.

21 Nov 2016

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගැනේ
 

ඩෙල්ෆ්ට් දූපතට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවන්හිදී ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 11 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රාවන් 2 ක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අද (19) පස්වරුවේ අත්අඩංගුවට ගන්නා ලදී.

20 Nov 2016

නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලූ ධීවරයෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු මැද නාවික විධානයට අයත්, නච්චිකුඩා හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (18) මුන්දම්පිඩ්ඩි වෙරළ තීරයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

19 Nov 2016

උතුරු නාවික විධානය විසින් යාපනය, මාදගල් ප්‍රදේශයේ ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වයි
 

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් උතුරු නාවික විධානයට අනුයුක්ත වෛද්‍ය අංශයේ නිලධාරීන් සහ නාවිකයන් පිරිසක් විසින් පසුගිය 14 වන දින මාදගල් හි පිහිටි නූනසායි විද්‍යාලයේදී ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වන ලදී.

17 Nov 2016

ෆීජි දූපත් රාජ්‍යයේ ආරක්ෂක සේවා නියෝජ්‍ය ආඥාපති නාවික හමුදාධිපති හමුවෙයි
 

ෆීජි දූපත් රාජ්‍යයේ ආරක්ෂක සේවා නියෝජ්‍ය ආඥාපති, බ්‍රිගේඩියර් ජෙනරාල් මොහොමඩ් අසීස් මහතා අද (16) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

17 Nov 2016