වැදගත් සිදුවීම්

ප්‍රති අාශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 5 ක් ජනතා අයිතියට පත් කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් ප්‍රජා සත්කාරක සේවාවන් කීපයක් සිදු කරගෙන යනු ලබයි.

10 Apr 2017

යාපනය අර්ද්වීපයේ අනලතිව් දූපතෙහි ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වයි
 

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් ඊයේ (9) යාපනය අර්ද්වීපයේ, අනලතිව් ප්‍රාදේශීය රෝහලේ දී ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වන ලදි.

10 Apr 2017

මුහුදු ඌරුමස් කිලෝග්‍රෑම් 82 ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරුමැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (9) ඔලුතුඩුවායි ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ප්‍රවාහනය කරමින් සිටි මුහුදු ඌරුමස් කිලෝග්‍රෑම් 82 ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

10 Apr 2017

නාවික හමුදාවෙන් රුපියල් මිලියනයක මරණාධාර ප්‍රදානයක්
 

ශ්‍රී ලංකා නාවික හමුදා රාජකාරි‍යේ නිරතව සිටි නායක නැවි (කිමිදුම්) කේඒඑස්සී කුමාර යන නාවිකයාගේ හදිසි වියෝවීම වෙනුවෙන් ˝නැවිරු සවිය˝ නාවික සුවසහන රක්ෂණ අරමුදල මගින් අද (9) රුපියල් මිලියනයක රක්ෂණ වන්දි ප්‍රේශණපත, ගලෙන්බිදුනුවැව පිහිටි නිවසේ දී ඔහුගේ බිරිඳ වෙත ලබාදීම සිදු කෙරිණි.

09 Apr 2017

ශ්‍රීලංනානෞ සමුදුර සහ සුරනිමිල නෞකාවන්ගේ ඉන්දියානු සංචාරය
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ශ්‍රීලංනානෞ සමුදුර සහ ශ්‍රීලංනානෞ සුරනිමිල යන නෞකාවන් පසුගිය 4 වන දින සුහදතාවය වර්ධනය කර ගැනීමේ සහ පුහුණු සංචාරයක් උදෙසා කොළඹ වරායෙන් ඉන්දියාව බලා පිටත් විය.

09 Apr 2017

Water Gel කූරු කිලෝග්‍රෑම් 6.370 ක් සමඟ සැකකරුවෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ ත්‍රිකුණාමලය දූෂණ මර්ධණ ඒකකයේ නිලධාරීන් පිරිසන් එක්ව සිදු කළ වැටලීමකදී ඊයේ (8) එරක්කන්ඩි ප්‍රදේශයේ දී Water Gel කූරු 49ක් (කිලෝග්‍රෑම් 6.370) සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

09 Apr 2017

සේවා වනිතා අලුත් අවුරුදු පොළ 2017 උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙයි
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි යමුනා විජේගුණරත්න මහත්මියගේ උපදෙස් සහ මගපෙන්වීම යටතේ වාර්ෂිකව පවත්වනු ලබන අලුත් අවුරුදු පොළ මෙවරත් අද (8) ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනය පරිශ්‍රයේදී අති උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.

08 Apr 2017

නාවික හමුදාධිපතිතුමන් බ්‍රසීල නාවික හමුදා සබ්මැරීන් බලඇණියේ සහ විශේෂ යාත්‍රා බලඝණයේ සංචාරයක නිරත වෙයි
 

මේ දිනවල බ්‍රසීලයේ පැවැත්වෙන ලතින් ඇමරිකානු අභ්‍යාවකාශ හා ආරක්ෂක ප්‍රදර්ශණයට (LAAD - 2017) සහභාගී වී සිටින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඊයේ (7) බ්‍රසීල නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයේ සහ දිය යට සංග්‍රාමික පුහුණු පාසලේ සංචාරයක නිරත විය.

08 Apr 2017

අසමමිතික යුද සංග්‍රාම පාඨමාලාවේ සහතික පත් ප්‍රදානය කෙරේ
 

ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය මගින් 2017 ජනවාරි මස 9 වන දින සිට අප්‍රේල් 6 වන දින දක්වා ත්‍රිකුණාමලය නාවික තඨාකංගනයේදී පවත්වනු ලැබූ 5 වන අසමමිතික යුද සංග්‍රාම පිළිබඳ පුහුණු පාඨමාලාවේ සහතික පත් ප්‍රදානය කිරීම සහ නිල ලාංඡන පැලඳවීමේ උත්සවය ඊයේ (6) ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

07 Apr 2017

ඩැනීලා නෞකාවේ ගින්න මැඩපැවැත්වීමට ඉන්දියානු වෙරළාරක්ෂක බලකාය විශාල මෙහෙයක් ඉටු කරයි
 

ඩැනීලා නෞකාවේ ඇති වූ ගින්න මැඩපැවැත්වීමේ කටයුතු සඳහා මේ වන විට ඉන්දියානු වෙරළාරක්ෂක බලකාය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවට විශාල සහයෝගයක් ලබා දෙන ලදී.

06 Apr 2017