වැදගත් සිදුවීම්

ශ්‍රීලංනානෞ භරණ ආයතනයේ නව ස්කොෂ් අංගනය විවෘත කෙරේ
 

මුල්ලිකුලම් පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා භරණ ආයතනයේ අභිනවයෙන් ඉදි කළ නවීන පහසුකම් වලින් සමන්විත ස්කොෂ් ක්‍රීඩාංගනය ඊයේ (ජනවාරි 15) වයඹ නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් රසික දිසානායක මහතා අතින් විවෘත කෙරිණි.

16 Jan 2018

පාකිස්තානු යුද්ධ හමුදා ප්‍රධානී නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

තෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (ජනවාරි 15) දිවයිනට පැමිණි පාකිස්තානු යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරාල් කමාර් ජවේඩ් බජ්වා මහතා අද නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.

16 Jan 2018

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 16 දෙනෙකු අත්අඩංගුවට
 

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 16 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවන් 4 ක් ඊයේ (ජනවාරි 15) නාවික හමුදා භාරයට පත් විය.

16 Jan 2018

නාගදීප විහාරස්ථ කාර්යාලය විවෘත කෙරේ
 

නාගදීප පුරාණ රජමහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදි කරන ලද විහාරස්ථ කාර්යාලය අද (ජනවාරි 15) නාගදීප පුරාණ රජමහා විහාරාධිපති උතුරු පළාතේ ප්‍රධාන සංඝනායක ප්‍රවීනාචාර්ය පුජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස හිමියන්ගේ ආරාධනාව පරිදි උතුරු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතා අතින් විවෘත කෙරිණි.

15 Jan 2018

කැස්බෑ බිත්තර 67 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද තොරතුරක් මත නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ සර්ධාපුර පොලිස් විශේෂ කාර්යය බලකයේ නිලධාරීන් පිරිසක් එක්ව ඊයේ (ජනවාරි 14) නිලාවේලි එරක්කන්ඩි මුහුදු තීරයේ සිදු කළ සෝදිසි කිරීමකදී, නීති විරෝධී ලෙස කැස්බෑ බිත්තර 67 ක් ලග තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

15 Jan 2018

සඟවා තැබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනේ
 

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය ජනවාරි 13 වන දින ලංකාපටුන ප්‍රදේශයේ සඟවා තැබූ පුපුරණද්‍රව්‍ය තොගයක් සොයා ගන්නා ලදී.

15 Jan 2018

රියර් අද්මිරාල් රුවන් පෙරේරා ගිණිකොන නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගනී
 

ගිණිකොන නාවික විධානය භාර නව ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් රුවන් පෙරේරා මහතා අද (ජනවාරි 14) දින වැඩ භාර ගන්නා ලදි.

14 Jan 2018

ඩයලොග් අන්තර් සමාජ ලීග් තරඟාවලියෙන් නාවික හමුදාවට තවත් විශිෂ්ඨ ජයක්
 

ඩයලොග් අන්තර් සමාජ ලීග් තරඟාවලියේ දෙවන වටයේ තරඟයේදී නාවික හමුදා සහ පොලිස් පිල අතර තරඟයක් ඊයේ (‍ජනවාරි 13) බම්බලපිටිය, පොලිස් පිටියේදී පැවැත්වුණු අතර, එහිදී පොලිස් කණ්ඩායම පරාජය කරමින් ලකුණු 45 - 26 ක් වශයෙන් තවත් විශිෂ්ඨ ජයක් තහවුරු කර ගැනීමට නාවික හමුදා කණ්ඩායම සමත් විය.

14 Jan 2018

සුළං තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාව වෙත සහන සැළසීමේ කටයුතු සඳහා නාවික හමුදාව එක්වෙයි
 

පසුගිය දිනවල දිවුලපිටිය ප්‍රදේශයට බලපෑ සුළං තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශයේ සාමාන්‍ය ජන ජීවිතය අඩාල විය.

14 Jan 2018

කේරළ ගංජා කිලෝග්‍රෑම් 02 ක් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ මන්නාරම, පොලිසියට අනුයුක්ත නිලධාරීන් එක්ව ඊයේ (ජනවාරි 13) තොඩ්ඩවේලි ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී බස් රථයක් මඟින් ප්‍රවාහනය කරමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 2 ග්‍රෑම් 055 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

14 Jan 2018