නාවික හමුදාව සහ කොක්මාදුව, පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2019 සැප්තැම්බර් 29 වන දින මාතර, වැලිගම ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී කේරළ ගංජා ග්‍රෑම් 14 ක් ළග තබාගත් පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.
වැඩිදුර කියවන්න >
30 Sep 2019
නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව 2019 සැප්තැම්බර් 29 වන දින වාලච්චේන ධීවර වරාය පරිශ්‍රයේදී කස මෝරුන් ක්‍රිලෝග්‍රෑම් 94.2 ක් සමග පුද්ගලයන් පස් දෙනෙකු (5) නාවික හමුදා බාරයට ගෙන ඇත.
නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2019 සැප්තැම්බර් 29 වන දින කඳාන ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී කේරළ ගංජා ග්‍රෑම් 750 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.
නවික හමුදාව විසින් අද (සැප්තැම්බර් 29) ගාල්ල, දොඩන්ගොඩ පාලම සහ වක්වැල්ල පාලම යට ප්‍රදේශයන් ජලය බැස යාමට නොහැකි වන සේ අවහිර වී පැවති ශාක කොටස් ඉන් ඉවත් කර ජලය බැසයාම විධිමත් කිරීමට කටයුතු කරන ලදී.
29 Sep 2019
නාවික හමුදාව විසින් යාපනය, අලියාවලයි ප්‍රදේශයේ අද (සැප්තැම්බර් 29) සිදු කළ සෝදිසි මෙහෙයුමකදි පතොරම් කිහිපයක් සොයා ගෙන ඇත.
නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහන් කිහිපයක් උතුරු සහ වයඹ නාවික විධානයන් කේන්ද්‍ර කරගනිමින් අද (2019 සැප්තැම්බර් 29) ක්‍රියාත්මක කරන ලදි.
‘නීල හරිත පාරාදීසය’ නමින් හැදින්වෙන ත්‍රිකුණාමලය, නාවික තඨාකාංගණය කේන්ද්‍ර කර ගනිමින් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2019 සැප්තැම්බර් 28 වන දින නාවික හමුදාව විසින් පවත්වන ලදී.
නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2019 සැප්තැම්බර් 29 වන දින තුනුක්කායි, ඉල්ලුප්පායිකඩවායි ප්‍රදේශයේදී කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ත්‍රිකුණාමලය ප්‍රදේශයේ කිමිදුම් වෘත්තියේ නියැලෙන කිමිදුම්කරුවන් සඳහා තාක්ෂණික සහ කිමිදුම් වෛද්‍ය විද්‍යාව පිළිබඳව උපදේශන වැඩමුළුක් 2019 සැප්තැම්බර් මස 29 වන දින ත්‍රීකුණාමලය, එරක්කණ්ඩි, අල් හමීර් මුස්ලිම් විද්‍යාලයේදී පවත්වන ලදී.
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ නිර්මාණශීලි සංකල්පයක් මත ගොඩනැගුණු නීල හරිත සංග්‍රාමයේ තවත් එක් පියවරක් තබමින් උතුරු නාවික විධානය 2019 සැප්තැම්බර් 28 වන දින කඩොලාන පැල සිටුවිම සහ වෙරළ පිරිසිදු කිරිමේ වැඩසටහන් පවත්වන ලදි.