වැදගත් සිදුවීම්

නයනතිවු ප්‍රාද්ශීය රෝහලේ නවීකරණය කළ කාන්තා ප්‍රතිකාර ඒකකය විවෘත කෙරේ

නාවික හමුදා තාක්‍ෂණික හා ශ්‍රම දායකත්වයෙන් නවීකරණය කරන ලද යාපනය, නයනතිවු ප්‍රාදේශීය රෝහලෙහි කාන්තා වාට්ටුව රෝගී ප්‍රතිකාර කටයුතු සිදු කිරීම සඳහා එම රෝහල වෙත භාරදීම 2021 සැප්තැම්බර් මස 02 වන දින උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

06 Sep 2021

නාවික පුද්ගලයන්ගේ දායකත්වයෙන් ලේ දන්දීමේ වැඩසටහනක් වැලිසර නාවික සංකීර්ණයේදී

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ උපදෙස් මත බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් උපුල් ද සිල්වා ගේ මඟ පෙන්වීම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව ජාතික රුධිර පාරවිලයන සේවය හා එක්ව ලේ දන්දීමේ වැඩසටහනක් 2021 සැපතැම්බර් මස 04වන දින වැලිසර නාවික සංකීර්ණයේ නාවික හමුදා පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් ශ්‍රීලංනානෞ ගැමුණු ආයතනයේදී පැවැත්වීමට කටයුතු කරන ලදි.

05 Sep 2021

ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ නව ආඥාපති වශයෙන් කොමදෝරු ඩේමියන් ප්‍රනාන්දු වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රමුඛතම පුහුණු ආයතනය වන ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ 36 වන ආඥාපති වශයෙන් කොමදෝරු ඩේමියන් ප්‍රනාන්දු 2021 සැප්තැම්බර් මස 01 වන දින වැඩ භාර ගන්නා ලදී.

03 Sep 2021