වැදගත් සිදුවීම්
මුහුදේ සිදුකළ සුවිශේෂී නිර්භීත ක්‍රියාවන් වෙනුවෙන් නාවික පුද්ගලයින් සිව් දෙනෙකු වෙත ජාත්‍යන්තර සාගරික සංවිධානය මඟින් ඇගයීමක්

ජාත්‍යන්තර සාගරික සංවිධානය (International Maritime Organization – IMO) මඟින් මුහුදේ සුවිශේෂී නිර්භීතකම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවික පුද්ගලයින් සිව් දෙනෙකු වෙත (04) පිරිනමන ලද ප්‍රශංසාත්මක සහතිකපත් (2021- IMO Award for Exceptional Bravery at Sea) එම නාවික පුද්ගලයින් වෙත ප්‍රධානය කිරීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් පසු ගිය දා ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨ ශ්‍රවනාගාරයේදී සිදු කෙරිණි.
30 Dec 2021
71 වන නාවික හමුදා දිනයට සමගාමීව නැගෙනහිර නාවික විධානයේ ලේ දන්දීමේ වැඩසටහනක්

71 වන නාවික හමුදා දිනයට සමගාමීව නැගෙනහිර නාවික විධානයේ නාවික පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් ලේ දන්දීමේ වැඩසටහනක් පසුගියදා ත්‍රිකුණාමලය නාවික තඨාකාංගනයේදී පැවැත්වීමට කටයුතු කෙරිණි.
29 Dec 2021
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 71 වන සංවත්සරය නිමිත්තෙන් කැළණිය රජමහා විහාරස්ථානයේදී විශේෂ ආගමික වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 71 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා සිදුකරනු ලබන ආගමික වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් 2021 දෙසැම්බර් මස 28 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්දිමා උළුගේතැන්න මැතිණියගේ සහභාගීත්වයෙන් කැළණිය රජමහා විහාරස්ථානයේදී සිදුකෙරිණි.
29 Dec 2021
නාවික හමුදාව විසින් පානම ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ

නාවික හමුදාව විසින් පානම ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලද රුක් රෝපණ වැඩසටහනක් අද (2021 දෙසැම්බර් 27) ගිණිකොන නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායකගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
27 Dec 2021
නාවික හමුදා දායකත්වයෙන් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්

නාවික හමුදාව විසින් සංවිධානය කළ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2021 දෙසැම්බර් මස 26 වන දින තලෙයිමන්නාරම, ඌරුමලේ සිට තලෙයිමන්නාරම්තොට දක්වා වෙරළ තීරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලදී.
27 Dec 2021
වයඹ නාවික විධානයේ නාවික සුභසාධනය වෙනුවෙන් සිදු කරන ලද නව ඉදිකිරිම් කිහිපයක් විවෘත කෙරේ

වයඹ නාවික විධානයේ නාවික සුභසාධනය වෙනුවෙන් අභිනවයෙන් ඉදිකරන ලද නව ඉදිකිරිම් කිහිපයක් එම නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න ගේ ප්‍රධානත්වයෙන් 2021 දෙසැම්බර් මස 23 සහ 24 යන දෙදින තුලදී විවෘත කෙරිණි.
26 Dec 2021
උතුරු මැද නාවික විධානය මඟින් ලේ දන්දීමේ වැඩසටහනක්

උතුරු මැද නාවික විධානයේ නාවික පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් ලේ දන්දීමේ වැඩසටහනක් 2021 දෙසැම්බර් මස 23 වන දින පූනෑව මාලිමා උත්සව ශාලා පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු කෙරිණි.
24 Dec 2021
නාවික හමුදා නත්තල් කැරොල් ගී ප්‍රසංගය නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහලේදී

ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකය සහ නාවික හමුදා ක්‍රිස්තියානි සංගමය එක්ව සංවිධානය කරන ලද නත්තල් කැරොල් ගී ප්‍රසංගය 2021 දෙසැම්බර් මස 23 වන දින සන්ධ්‍යාවේදී නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහලේදී විචිත්‍රවත් අයුරින් පැවැත්වුණු අතර, මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ හා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්දිමා උළුගේතැන්න මැතිණියගේ ආරාධනයෙන් ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති ආර්යා අයෝමා රාජපක්‍ෂ මැතිණිය සහභාගි විය.
24 Dec 2021
ශ්‍රී ලංකා නාවික හමුදාවේ පෝෂණ ප්‍රතිපත්තිය සහ ශරීර ස්කන්ධ දර්ශකය ක්‍රියාත්මක කිරීම සඳහා පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහනක්

බෝ නොවන රෝග වළක්වා ගැනීම සම්බන්ධයෙන් නාවික පුද්ගලයින් දැනුවත් කිරීම සඳහා පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහනක් 2021 දෙසැම්බර් 16 සහ 17 යන දිනයන්හිදී නාවික හමුදා මූලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
24 Dec 2021
නාවික හමුදා දායකත්වයෙන් නවීකරණය කළ ගාල්ල හව්පේ මහා විද්‍යාලයේ පරිගණක විද්‍යාගාරය සිසු අයිතියට

ගාල්ල හව්පේ මහා විද්‍යාලයේ නාවික හමුදා තාක්‍ෂණික හා ශ්‍රම දායකත්වයන් නවීකරණය කරන ලද පරිගණක විද්‍යාගාරය විවෘත කිරීම දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රසන්න හේවගේ ගේ සහභාගීත්වයෙන් 2021 දෙසැම්බර් මස 20 වන දින සිදු කෙරිණි.
23 Dec 2021