වැදගත් සිදුවීම්
නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 14 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය.
28 Jun 2018
අනතුරටපත් වෙළඳ නෞකාවක සිටි නාවිකයින් බේරා ගැනීමට නාවික හමුදාවේ සහාය

බටහිර නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවන් මඟින් අද (ජුනි 26) අළුයම කොළඹ වරායට නාවික සැතපුම් 11.6 ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී අනතුරට පත් ‘මුතා පයනියර්’ නම් වෙළඳ නෞකවේ සිටි කපිතාන් අතුළු නාවිකයින් 11 දෙනෙකු නිරුපද්‍රිතව බේරා ගැනීමට සමත් විය.
26 Jun 2018
‘කලම්බු සුපර් ක්‍රොස් - 2018’ ධාවන තරඟාවලිය වැලිසරදී සාර්ථකව නිමාවට පත්වේ

තිස් වසරක කුරිරු යුද්ධයේදී මාතෘ භූමිය වෙනුවෙන් දිවි කැපකල හා ආබාධිත තත්ත්වයට ලක් වූ නාවික රණවිරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන්ගේ සුභසාධන කටයුතු හා ඔවුන්ගේ ජිවිතය නගා සිටුවිමේ අරමුණින් ශ්‍රී ලංකා නාවික හමුදාව දෙවනවරටත් ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ගේ සංගමය හා එක්ව සංවිධානය කරනු ලැබූ ‘කලම්බු සුපර් ක්‍රොස් - 2018’ තරඟාවලිය ඊයේ (ජුනි 24) වැලිසර පිහිටි නාවික හමුදා මෝටර් රථ ධාවන පථයේදී සාර්ථක අයුරින් නිමාවට පත්විය.
25 Jun 2018
එක්සත් ජනපද නාවික හමුදා නියෝජ්‍ය සහකාර ලේකම් (අන්තර්ජාතික වැඩසටහන්) නාවික හමුදාධිපති හමුවෙයි

එක්සත් ජනපද නාවික දෙපාර්තමේන්තු කාර්යාලයේ නියෝජ්‍ය සහකාර ලේකම් (අන්තර්ජාතික වැඩසටහන්), රියර් අද්මිරාල් ෆ්රැන්සිස් ඩී මොර්ලි මහතා ඇතුළු දූත පිරිස අද (ජුනි 26) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.
25 Jun 2018
උතුරු නාවික විධානය විසින් එළුවතිව් දූපතේ වෛද්‍ය කඳවුරක් පවත්වයි

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතාගේ මඟ පෙන්වීම හා උපදෙස් මත, උතුරු නාවික විධානයට අනුයුක්ත වෛද්‍ය අංශයේ නිලධාරීන් සහ නාවිකයන් විසින් ඊයේ (ජුනි 24) එළුවතිව් දූපතේ, ශාන්ත තෝමස් රෝමානු කතෝලික දේවාස්ථානයේදී වෛද්‍ය සායනයක් පවත්වන ලදි.
25 Jun 2018
රාජ්‍ය සේවා මලල ක්‍රීඩා දක්‍ෂතම ක්‍රීඩකයා ලෙස නාවික හමුදා සිවිල් සේවක මහතෙකු ඇගයීමට ලක් කෙරේ

රාජ්‍ය සේවා මලල ක්‍රීඩා වර්ණ ප්‍රදානෝත්සවය පසුගිය ජුනි 09 වන දින රාජගිරිය, කලපලුවාව කුරුලු උයනේදී පැවැති අතර, එය සංවිධානය කර තිබුණේ රාජ්‍ය සේවා මලල ක්‍රීඩා සංගමය විසිනි.
25 Jun 2018
ශ්‍රී ලංකා නාවික නෞකා ‘රණධීර’ නෞකාව සිය 22 වන සංවත්සරය සමරයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු මුර සංචාරක නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා රණධීර නෞකාව අද (ජුනි 22) සිය අභිමානවත් 22 වන සංවත්සරය සමරන ලදී.
22 Jun 2018
රෝගාතුර ධීවරයෙකු කඩිනම් ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහාය

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මඟින් නාවික හමුදාවට ලබා දුන් තොරතුරකට අනුව රෝගාතුර වූ ධීවරයෙකු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව සහ වෙරළාරක්‍ෂක බලකාය ඊයේ (ජුනි 21) කටයුතු කරන ලදී.
22 Jun 2018
ආරක්‍ෂක සේවා හබල් ඔරු පැදීමේ තරඟාවලියේ සමස්ථ ශූරතාවය නාවික හමුදාවට

ආරක්‍ෂක සේවා හබල් ඔරු පැදිමේ තරඟාවලිය 2018 පසුගිය ජුනි 20 සහ 21 යන දෙදින තුළ බත්තරමුල්ල, දියවන්නා ජලාශය ආශ්‍රිතව පවත්වන ලදී. ඒ සඳහා ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වීය.
22 Jun 2018
බංග්ලාදේශය සහ මාලදිවයින නාවික හමුදා නිලධාරින් සඳහා නාවික හමුදාවෙන් විශේෂ පුහුණුවක්

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනයේ (United Nations Office on Drugs and Crime - UNODC) නිර්දේශය මත බංග්ලාදේශ සහ මාලදිවයින නාවික හමුදා නිලධාරින් සඳහා නෞකා හා යාත්‍රාවලට ප්‍රවිශ්ඨ වීමත්, ඒවා සෝදිසි කිරීමේ ක්‍රියාපටිපාටීන් හා ක්‍රමෝපායන් පිළිබඳ (Visit Board Search and Seizure - VBSS) පාඨමාලාවක් පසුගිය ජුනි 18 වන දින ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී ආරම්භ කරන ලදී.
22 Jun 2018