වැදගත් සිදුවීම්

ජපාන ස්වයං ආරක්ෂක සාගරික බළකායට අයත් ටෙරුසුකි නෞකාව ශ්‍රීලංනානෞ සමුදුර නෞකාව ඒකාබද්ධ නාවික අභ්‍යාසයන්ට එක්වෙයි
 

ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව, ජපාන ස්වයං ආරක්ෂක සාගරික බළකායට අයත් ‘ටෙරුසුකි’ නෞකාව සමග අද (2) කොළඹ වරායට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී ද්විපාර්ශ්වික නාවික පුහුණු අභ්‍යාසයක් පැවැත්වීය.

02 Apr 2017

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේදී මත්කුඩු කිලෝග්‍රෑම් 13.5 ක් සමග ඉන්දීය ජාතිකයින් 6 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු සීමාවේදී හෙරොයින් යැයි සැක කෙරෙන මත්කුඩු කිලෝග්‍රෑම් 13.5 ක් සමග ඉන්දීය ජාතිකයින් 6 දෙනෙකු සහ ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගැනීමට අද (2) උදෑසන නාවික හමුදාව සමත් විය.

02 Apr 2017

නාවික හමුදාව සහ පොලීසිය එක්ව සිදු කළ වැටලීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 8.275 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවික පිරිසක් සහ මුලන්කාවිල්, පොලිසියේ නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ වැටලීමකදී අද (1) කිලිනොච්චිය, මුලන්කාවිල් ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 8.275 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන ඇත.

01 Apr 2017

ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 3 ක් ස්ථාපිත කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් ප්‍රජා සත්කාරක සේවාවන් කීපයක් සිදු කරගෙන යනු ලබයි.

01 Apr 2017

කේරළ ගංජා කිලෝග්‍රෑම් 4.2 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවික පිරිසක් සහ මන්නාරම, පොලිස් විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ වැටලීමකදී අද (1) මන්නාරම පුද්ගලික බස් නැවතුම්පොළ අසලදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 4.2 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

01 Apr 2017

ජපාන ස්වයං ආරක්ෂක සාගරික බළකායට අයත් ටෙරුසුකි නෞකාව කොළඹ වරායට පැමිණේ
 

ජපාන ස්වයං ආරක්ෂක සාගරික බළකායට අයත් ‘ටෙරුසුකි’ නෞකාව සුහදතාවය වර්ධනය කරගැනීම හා පුහුණු සංචාරයක් සඳහා අද (1) කොළඹ වරායට සේන්දු විය.

01 Apr 2017

සාර්ථක සංචාරයකින් පසු සයුර නෞකාව යලි දිවයිනට පැමිණෙයි
 

මලයාසියාවේ පැවැත් වූ 14 වන ජාත්‍යන්තර සාගරික හා ගුවන් ප්‍රදර්ශණයට (ලීමා 2017) සහභාගීවීම සඳහා පසුගිය 14 වන දින ශ්‍රී ලංකාවෙන් පිටත් වූ නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාවක් වන ශ්‍රීලංනානෞ සයුර නෞකාව සාර්ථක සංචාරයකින් අනතුරුව අද (31) නැවතත් කොළඹ වරායට සේන්දු විය.

31 Mar 2017

ජ්‍යෙෂ්ඨ නාවිකයන් 100 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පය මත ආරම්භ කෙරුණු ජ්‍යෙෂ්ඨ නාවිකයින් වෙනුවෙන් පොළි රහිත රු. 500,000.00 ක ණය මුදල ප්‍රදානය කිරීමේ වැඩසටහනේ තවත් එක් පියවරක් අද (31) නාවික හමුදාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මුලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

31 Mar 2017

නාවික හමුදා ගොල්ෆ් කණ්ඩායම සිය ප්‍රථම විදෙස් සංචාරය සඳහා සහභාගී වෙයි
 

ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරී ගොල්ෆ් ක්‍රීඩා කණ්ඩායම තායිලන්තයේ බැංකොක් නුවරදී සිය පළමු විදෙස් ක්‍රීඩා තරඟාවලිය සඳහා සහභාගී විය.

31 Mar 2017

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත පුද්ගලයින් 8 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (30) සිදු කළ සෝදිසි කිරීමකදී මන්නාරම, වන්කාලෙයිපාඩු මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ ලාංකික ධීවරයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

31 Mar 2017